Blogger Widgets

Monday, November 5, 2012

Drill Display



කිසිම kick එකක් නැතිව ඔහේ පොත්පත්එක්ක පාඩම් වැඩවල ඇලිලා හිටපු අපිට එකපාරටම මාර වැඩක් set වුණා. ඒ 2009 අවුරුද්දේ. අපිට ඉහලින් නියෝගයක් ආරාධනාවක් ලැබුණා drill display එකට සහභාගීවෙන්න කියලා2009 සහ 2010 අවුරුදු දෙකේම. මේකෙ practices තියෙන දවසවල, ඒ කියන්නෙ පටන්ගැන්මේ ඉඳලා පළවෙනි වාරයේ අගක් විතර interval වෙනකම්ම උදේ වරුවම අපිට practices. ඒ නිසා ඉතිං interval එකට කලින් periods හතරම free .

අපි ඉතිං කාලා බීලා එහෙම, cap එකක් කාරිය දමාගෙන ground එක පැත්තට පාත්වෙනවා ඉස්කෝලෙ පටන්ගත්ත ගමන්ම*. Ground එක කිව්වාට කොහෙද අප්පා අපිට grounds? එක්කො කිසිම සමතලා බවක් නැති rampart එක හරි, Army ground එක හරි තමයි හැමතිස්සෙම අපේ පිහිටට එන්නේ.මොන හේතුවක් හින්දා ද මංදා ළමයි කවුරුවත් මේ තැන්වලට යන්න අකැමති? කියලයි කට්ටිය හිතන්නේ. ඒත් චාටර් කාපු අපිනෙ දන්නේ තැනේ තත්වෙ..(Display එක practice කරනවා දැකලා දැකලාම කොටුවෙ මිනිස්සු අපේ sports meet එකේ drill එක බලන්නේම නැතිලු. ඇයි ඉතින් ඔක්කොම out නේ :)) )

 මේ දවස්වලට අපේ කැන්ටිමට මාර බිස්නස්.ඇයි ඉතින් කට්ටිය අර අව් කාෂ්ඨකේ පිච්චි පිච්චි ඉඳලා ඉස්කෝලෙට එන්නෙ හාමතේ වගේම මාසයක් විතර කාන්තාරෙක අතරමං වෙලා හිටපු කට්ටියක් වගේ නේ =) ඉතින් හිස් වතුර බෝතල් වගේම කෑම පෙට්ටිත් මොනවා කරන්නද? මේ වෙලාවට තමයි කැන්ටින් දෙවියා පිහිට වෙන්නේ. බලන්න ඕන මේ වගෙ වෙලාවක කැන්ටිමේ ඉන්න සෙනඟ, රොත්ත පිටින්ම ඇවිල්ලා. උණු කැවුම් වගේ යන්නේ ඉතිං ice cream සහ milk packets තමයි.මේ වගේ දේකින් සිසිල් කරගත්ත හදවත්වල සිසිල යකාට යන්නේ කවුරුහරි ඇවිත් අවේලාවෙ කන්ටිමට ඇවිත් ඉන්නවා කියලා සද්දයක් දානකොට තමයි. ගිනි ඇවිලෙනවා. ඒත් මොනවා කරන්නද ආපහු හැරිලා පන්තියට බඩගාන්නෙ නැතුව ආයේ මොනවහරි ගිලින්න අතේ සතේ නැතිකොට.

අනිත් වැදගත්ම දේ තමයි අපිට කොච්චර මහන්සිද, අපි කාලා බීලාද කියලාවත් හොයන්නේ නැතුව drill practice එකට පස්සෙ තියෙන period එකට අදාල teacher බෙල් එකට වැදෙන්න නොදී පන්තියට එනකොට එපා වෙන හැටි. මොන මහන්සිද? හිටු කියලා ලියපල්ලාකෝ මහාවංශය වගේ මෙලෝ හසරක් නොතේරෙන එක එක notes:P

මතකද අපේ සහෝදරියොන්ට දහය වසරෙදි දවසක් අපි practices ඉවරවෙලා ඇවිත් jumbo jolly කකා ඉද්දී science මිස් පන්තියට ආවා උගන්නන්න. ඉතින් කට්ටිය ඩෙස් ලාච්චු අස්සෙ එහෙම හංගගෙන මිස් උගන්නන අතරෙ කෑවා නේ. මුළු පන්තියක් පිටින්ම...:D

9 වසරෙ drill එකට අපි ඇන්දේ රතුයි, සුදුයි stripes තියෙන zebra වගේ T-shirt එකකුයි,රතුපාට තුන්කාලෙ කලිසමකුයි :D
Picture Copyright : Google Image Search
අපි අන්තිමටම හැදුවා සිංහයෙක්ව. අර අපේ ජාතික කොඩියේ ඉන්නේ. අන්න ඒ සිංහයාව.ලස්සනට තිබුණාද කියලා නම් අපි නොදන්නෙමු. අපි ඒ සිංහයෙක් හැදුවෙ ඒ කාලෙ තත්ත්වය සලකලා නේ. ඒ යුද්ධය දිනාගෙන එමින් තිබූ වකවානුව. කට්ටිය දේශාභිමානයෙන් ඔද වැඩිලා හිටපු ඒ දවස්වල ඒ සිංහයා හදපු වැඩේ නම් වටිනවා.  එදා sports meet එකේදී සිංහයා හදලා වටපිටාව නිශ්ශබ්ද වුණාම අපිටත් පොඩි current පාරක් වගේ එකක් වැදුණා. පස්සෙ තමයි තේරුණේ ඒ දේශාභිමානයේ හැඟීමක් කියලා ;).


10 වසරෙ drill එක, එක අතකින් එළ. හැබැයි තව අතකින් නම් මාර විදියට එපා වෙනවා කන්න තියෙන කටු කෝටිය නිසාම. පහුගිය අවුරුද්දේ යුද්ධය දිනපු නිසා අපි හමුදාවට ගෞරව කරන්න ඕන කියන උතුම් සංකල්පය නිසා අපි අමාරුවෙ වැටුණා නේ. අපිට කරන්නවුණේ හමුදා drill එකක්.මේ අදහස වටිනවා තමයි. ඒත් එහෙමයි කියලා අපි කොහොමද අප්පා හමුදාවෙ අය විදියට march කරන්නේ? මේකෙන් සිද්ධවුණේ හමුදාවන්ටත් අපහාස වීම තමයි. =D මොනවා කරන්නද? ශෝක්ම වැඩේ තමයි අපිට ප්‍රධාන අමුත්තා විදියට ආපු හමුදාවෙ ලොකු මාමා කෙනෙකුට කැඳ salute පාරක් ගහන්න වුණ එක. ඒ ගැහුවෙ සමහර අත්වල gloves එක්ක. සමහර අත්වල gloves නැතුව. මේක නම් මොකද්ද හරියට costume එක නොලැබුණු ළමයි ගැන හිතද්දී.ඇයි ඉතින් අපේ costume එක අර මොන්ටිසෝරි බබාල අඳින ජාතියේ රතුපාට navy කිට් එකක් නේ. ඊයා...  

මේ මොනවා වුණත් මේ සරඹ සංදර්ශන අපේ පාසල් ජීවිතේට රසවත් මතක එකතුකරා. මේ වැඩේට අපේ මොනිකා මිස්ටයි, ශාමේන් මිස්ටයි අනිත් මිස්ලා ඔක්කෝටමත් ස්තූති කරන්න ඕනෙ (සමහර වෙලාවට අපි විසින්ම අල කරගත්තත්) මේ වගෙ අවස්ථාවක් වෙහෙස මහන්සියෙන් අපිට අරගෙන දුන්නාට. :)



*මේ විදියට අපේ අය අතරින් යහපත්වුණේ වකා වගේ කට්ටිය විතරයි. අනිත් අය හෝ ගාල sun screen cream වර්ග මූණු, අතපය හැමතැනම තට්ටු තට්ටු උලාගෙන එළියට බහින්නේ...ගොඩාක් කාලයක් අමාරුවෙන් maintain කරගත්ත ඡවි කල්‍යාණයට හානි වෙනවට. සමහරු insuranceපවා අරගෙන තිබුණා.:))) බලාගෙන යනකොට මේ කට්ටිය හරි මෝඩයි. ඇයි අනේ ඉර මාමා අපිට නොමිලේම දෙන රැස්වලින් උදේ පාන්දරම vitamin D සත්කාරයක් ගන්න මෙයාලට පින නෑ. :P

44 comments:

  1. මටත් මතකයි අපිත් පොඩි කාලේ අව්වේ වේලුනු හැටි,,
    එ දවස් වලනම් එපා වුනාට දැන් මතක් වෙනකොටත්
    ආසයි..., ඒ කාලේ මතක් වුනේ මේක කියවන කොට

    ජයෙන් ජය !!!!!

    ReplyDelete
  2. ඔයා දුවේ අපිව ආයිමත් පාසල් එක්ක යනවා. දැන් මොනතරම් දේ තිබුණත් ඒ අතිතය තරම් රසවත් දෙයක් තාම මට හමුවෙලා නැ.

    ReplyDelete
    Replies
    1. එහෙම අහන්න ලැබීමත් ලොකු සතුටක් අංකල්...මම මේක ලියන්නේ මගේ නියම ශෛලියෙන් නොවෙන නිසා අඩුපාඩු එහෙම බොහොම ඇති. ඒත්, ඒවා ගැන නොසිතා මේක කියවනවාට ගොඩාක් ස්තූතියි. :)

      අපිට ඕනේ වුණේ, කාලයත් එක්ක බොඳවෙලා යන මතකයන් එක තැනකට එකතු කරලා තියන්න විතරයි :)

      Delete
    2. "අකුරු කෙරුව කාලය නෑ ආයෙත් එන්නේ" ඒත් අපිට ඒ කාලයට යන්න පුළුවන් මෙහෙම. :)

      Delete
    3. අනිවාර්යයෙන්ම...

      Delete
  3. ඔයාල හරි හොඳයි නේ... අපි නම් ඔය ඩ්‍රිල් වෙලාවට කලේ ඒක කට් කරලා ක්‍රිකට් ගහපු එක. පිට්ටනියේ එක පැත්තක කට්ටියක් ඩ්‍රිල්. අනිත් පැත්තේ කට්ටියක් ක්‍රිකට්. ඉතින් සර්ලා ඇවිත් අපිව ආපහු එලවනවා. ඒ 7 වසරේ. 10 වසරේ මාර්ච් පාස්ට් එක එඑඑත වැඩිය එල. එක පටන් ගන්නේ අපි ක්‍රිකට් ගහන හරියෙම තමයි. ඉතින් සර්ලා බුදු ගේමක් දීල තමයි ක්‍රිකට් ලෝලීන්ව මාර්ච් පාස්ට් එකට දක්කන්නේ.... :-D

    ReplyDelete
  4. හම්බෝ ඔය කෙරුවාව මාත් කරලා තියනවා. ස්කොලේ හය වසරේදී කෙල්ලෙක්ට ඇඳලා කුළු නැටුමක් නැටුවා (අපේ ස්කොලේ කෙල්ලෝ නෑනේ).. හැබැයි ප්‍රැක්ටිස් වෙන කාලේ කොච්චර කට්ටක් කෑවත් සංදර්ශනය ඉවරවෙන්න විනාඩියක් විතර තියනකොට හිතට අමුතුම කික් එකක් එනවා...මැරිලා මැරිලා උදේ ප්‍රැක්ටිස් කරලා හවස ඉගෙන ගන්නවා කියන්නේ නම් ඉතින් පණපිටින් මරනවා වගේ වැඩක්... හය වසරේ ඉඳන් Drill එක දහය වසරෙන් පස්සේ මාච් පාස්ට් එක. හොදි ඕනෙම නෑ ...

    ReplyDelete
    Replies
    1. "කෙල්ලෙක්ට ඇඳලා කුළු නැටුමක් නැටුවා " :D

      "හැබැයි ප්‍රැක්ටිස් වෙන කාලේ කොච්චර කට්ටක් කෑවත් සංදර්ශනය ඉවරවෙන්න විනාඩියක් විතර තියනකොට හිතට අමුතුම කික් එකක් එනවා...මැරිලා මැරිලා උදේ ප්‍රැක්ටිස් කරලා හවස ඉගෙන ගන්නවා කියන්නේ නම් ඉතින් පණපිටින් මරනවා වගේ වැඩක්..."
      - මේකට නම් සහමුලින්ම එකඟයි. :)

      Delete
  5. නියමයි නේ කස්ටියගේ වැඩ. පන්තිය වෙලේ කන බොන කොට හරි රසයි නේ. ඉස්කෝලේ යන කාලේ හරි විනෝදයි..වැඩියෙන්ම දැන් මතක් වෙනකොට..:)
    හරිම සිනාබර පොස්ට් එකක්. :)

    ReplyDelete
    Replies
    1. ආයෙත් අහලා...මාරම රසයි සහෝ.. ;)

      එහෙනම් සහෝ හිනාවෙවී ඉන්නකෝ...ඒක සිරුරටයි, මනසටයි හොඳ දෙයක් නේ :)

      Delete
  6. හැම ගැන රුව ගැන හිතන එක නගෝ ගැහැණු ගතියක් එක මේ ලොව පටන්ගත් දාසිට අවසානය දක්වා පවතීවි. :D

    ReplyDelete
    Replies
    1. මෙන්නෝ...කොරලේ හාමිනේට කෝරලේ මහත්තයා හින්ට් අරිනවෝ ;) :D

      Delete
    2. නඟා ඔයා හදන්නේ මගේ බත් පතත් නැති කරන්නද? මම කෝරලේ පිටට ගෙදරට උන්දෑ තමයි රටේ මහත්තයා. ඉගන ගන්න එකේ වටිනා කම ඉගන ගන්නකල් තේරෙන්නේ නැහැලු. එක තේරෙන්නේ රස්සාවක් කරන්න ගිහින් ඉන්ටර්විව් එකේ සුදුසු කම් අහනකොට කියල කවුද ශේෂ්ට පුද්ගලයෙක් කියල තියෙනවා. ලංකාවේ පාසල් වල වගේ සුන්දර කාලයක් අපිට තිබුනේ නැහැ. මම ඒ අතින් අදටත් දුක් වෙනවා මගේ ජීවිතේම මේ අරාබි කාන්තාරේ ගෙවපු එක ගැන. (By the wayඔය දන්නවද අර ඉහත කී ප්‍රකාශය කල ශේෂ්ට පුද්ගලයාගේ නම??????????? https://www.facebook.com/chithu.dinu අඳුනනවද බලන්නකෝ....... :)

      Delete
  7. ඩ්‍රිල් නම් බ්‍ර්ර්ර්ර්ර් අප්පා..:) අතීතය ඇත්තටම සුවඳයි වෙලාවකට :)

    ReplyDelete
    Replies
    1. අනිවා අක්කේ...ඩ්‍රිල් නම් බ්‍රර් ර් ර් ර් ර් තමා ; ඒත් ඒ වගේද මතකයන් ? :)

      Delete
  8. මට වකා කියන නම දැක්ක ගමන් මතක් වෙන්නෙ ෂකීරා.
    වකාගෙ කමෙන්ට් හුඟක් තැන් වල දැකලා තිබ්බට ඔන්න අද තමයි පන්තියෙ රස කතා කියල බ්ලොග් එකක් තියෙන බව දන්නෙ.ජය වේවා. දිගටම ලියමු.

    henryblogwalker (මට භිතෙන හැටි) the Dude (HeyDude) and මගේ ඩෙනිම My Blue Jeans

    ReplyDelete
    Replies
    1. අම්මෝ..මෙන්න ඩූඩ් අංකල්. බ්ලොග් ලෝකේ අපේ වීරයෙක්. නියමයි නේ.

      ආදරෙන් පිලිගන්නවා රස කතා කියවන්න. :)වගේම ගොඩාක් ස්තූතියි


      PS :

      වකා ගැන නම් කිසිත් නොකියමි. :D

      Delete
    2. මොනවා වකා? මම වීරයෙක් කිව්වා? ඒකට නම් මම කැරකිලා ගියා.
      තව රස කතා ලියන්න.
      ඉස්කෝලෙ කතා මගෙ ප්‍රියතම genre එකක්.
      ඔය කාලෙ ආයෙම එන්නෙ නෑ, පුතා.
      ඉස්කෝලෙ යනකල් ඕක හරියට තේරෙන්නෙත් නෑ.

      henryblogwalker (මට භිතෙන හැටි) the Dude (HeyDude) and මගේ ඩෙනිම My Blue Jeans

      Delete
    3. කැරකෙන්න දෙයක් නෑ අංකල්...
      :)

      " ඩූඩ් අංකල් බ්ලොග් ලෝකේ මගේ වීරයෙක්"

      වකා බ්ලොග් කියවන්න ගත්ත මුල් කාලෙම දැකලා කියෙව්වා henryblogwalker (මට භිතෙන හැටි) බ්ලොග් එක. ඉගෙනගත්තා ගොඩක් දේවල්... ඒත් මොකක්ද අවුලක් නිසා ඒ බ්ලොග් එක follow කරත් අලුත් පෝස්ට් ලිස්ට් එකේ අප්ඩේට් වෙන්නෙ නෑ. :( කමෙන්ට් කරන්න තරම් දුර නොගියෙ වැඩිහිටියෙක් ගෙ බ්ලොග් අඩවියක් නිසා.

      "ඔය කාලෙ ආයෙම එන්නෙ නෑ, පුතා.
      ඉස්කෝලෙ යනකල් ඕක හරියට තේරෙන්නෙත් නෑ." - ඔව්.. ඒක හරිම දුක හිතෙන දෙයක්.. :( :(

      Delete
    4. හයියෝ මම වැඩිහිටියෙක් උනාට පොඩිහිටියන්ට තමයි උගන්නන්නෙ. ඒවගෙම මම ගුරුකම හිතට අරගෙන ඒක ප්‍රොමෝට් කරන්න යන්නෙත් නෑ. මම රස්සාවයි, බ්ලොග් එකයි වෙනම කරන්නෙ.

      අනික මම බහුශ්‍රැත අදහස් නෙවෙයි සාමාන්‍යයෙන් ලියන්නෙ. සරල වින්දනය හුඟක් වෙලාවට. තවත් රහසක් තමයි මම මගෙ බ්ලොග් එක මගෙ ළමයි දෙන්නත් කියවන නිසා යම් සීමාවල් ඇතුව තමයි ලියන්නෙත්.

      ඒක නිසා පුතා ඕනෙ කමෙන්ට් එකක් දාන්න. දැන් ඔයාට මගේ ඩෙනිමට එන්න පුලුවන්. ඔය තියෙන්නෙ ලින්ක් එක. ඒක බ්ලොගර් නිසා කිසි අවුලක් නෑනෙ.

      henryblogwalker (මට භිතෙන හැටි) the Dude (HeyDude) and මගේ ඩෙනිම My Blue Jeans

      Delete
    5. Thank you :)

      I just started following your blog.

      Delete
  9. සෙනූ....ෆොටෝ ටික මරු !!

    :x

    ReplyDelete
    Replies
    1. thank you අනේ.. හෑබෑයි මේවා තාම අදාල අය දෑකලා නෑති පාටයි... දෑක්ක දාට ඉතින් මගේ අවසානේ තමයි :P

      Delete
    2. මොනවහරි කියන්න කරන්න ආවොත් මට කියන්න. මම ඇවිත් බේරගන්නම්.... :-w ;)

      අයියෝ ඔය අදාල අය කවුද ගණන් ගන්නේ... :P

      Delete
    3. ඔයා කියයි... ඔයා AU ඉදන් එනකොට එයාලා මගේ මළ ගෙදරත් කරලා හත් දවසේ දානෙත් දීලා තියෙයි :P

      Delete
    4. එහෙමද අපි ගැන හිතාගෙන ඉන්නේ.. :( අන්තිමයි හොඳේ.. X(

      Delete
    5. ඔයා නෙමෙයි sure නෑත්තේ.. අනිත් දෙන්නා :D

      Delete
    6. අනිත් දෙන්‍නාගෙන් එක්කෙනෙක්ට ටැලිවිෂොං සීරීස් පිස්සුවක් ගහලා වගේ :පී... දැම්ම දකින එකක් නෑ ඒ නිසා :පී

      Delete
    7. ඉන්න මං කියන්නම් එයාලට.. :p

      Delete
  10. මේක නම් ෆස්ටයි ඈ... මට නිකන් මැවිලා පේනවා කස්ටිය මාච් කරනවා :P .... හික්ස්...

    මේක කියවනකොට මතක් වෙනවා අපේ කිඩීස් ඩේ එක :පී.... 1 2 3 වසර වලදි කාපු කටු... හයියෝ 3වසරේ එකේ ප්‍රැක්ටිස් එකට ගියේ අඬ අඬ :පී... ඒ මොනවා උනත් ආයේ මුල ඉඳන් ඉස්කෝලේ යන්න පුළුවන් නම් කියලා හිතෙනවා :ඩී (12 13 වසර නැතුව හැබැයි :පී)

    සෙනූ දාපු ලස්සන පොටෝ ටික කාලනේ අර වතුර-සළකුණක් දාලා :පී ;)

    ReplyDelete
    Replies
    1. post එකේ වෑඩ නම් ඉතින් ඔක්කෝම වකා ගේ වෑඩ තමයි. එයා ඉතින් වෑඩක් කලොත් කොහොමත් ෆට්ටයි නේ :D

      අපි නම් ඉතින් ඈඩුවේ නෑ. බෑන බෑන නම් ගියා කියලා මතකයි :P මටත් 12 ඉන්නකොට හිතෙනවා අනේ ආපහු අපි 40 හිටපු පන්ති වලට යන්න පුලුවන්නම් කියලා

      වතුර සලකුණ නොදෑම්මා නම් ඉතින් මගේ අවසානේ තමයි. ඒ ෆොටෝ එකේ ඉන්න දෙන්නා හරිම භයානකයි :O

      Delete
    2. @ පසන් සහෝ..

      ඔය උඩින් සෙනූ කියන්නේ ගල් පැලෙන බොරු. පෝස්ට් එක වගේම බ්ලොග් එකත් ෆට්ට වුණේ සෙනූගෙ මහන්සිය නිසා. නැත්තම් මේ කතා වකාගෙ ඩයරියෙන් එහා නොයන්න බොහෝදුරට ඉඩ තිබුණා. :)

      Delete
    3. අනේ ඔච්චර මොඩස්ට් වෙන්න එපා අනේ :පී... දෙන්නම එකතු වෙලා කරන වැඩේ සුපර්බ් :ඩී ;)...

      @ සෙනූ...
      40 හිටපු පන්ති කිව්වේ මක්කැයි? :ඕ ඕ.ඔ :පී.... ‍

      Delete
    4. වකා මෝඩස්ට් කියලා ඔය ඇහුවමයි. :-?? ;)

      තැන්කූ :D

      Delete
    5. :ඩී... මෝස්ට් වෙල්කම් :ඩී හි හි ;)

      Delete
    6. 40 හිටපු පන්ති කියන්නේ 6 වසරේ ඉදන් 11 වසර වෙනකන් english medium එකේ හිටපු පන්ති :D

      Delete
    7. තේරෙන සිංහලකින් කියන්න එපැයි ඕක :පී... මං හිතුවා 1940 බර ගණන්වල පන්තියක් ගැන කියනවා කියලා :පී

      Delete
  11. හ්ම්ම්ම්ම් .......පාසල් කාලේ නම් ඇත්තටම සුන්දරයි ....ඉස්කෝලේ තරම් ආතල් ගන්න පොට් එකක් තව නෑ ....අනිත් එක ඔයා ඉන්නේ අපේ සහෝදර පාසලෙනේ....Same Age :D ..... මේ වගේ බ්ලොග් එකක් ලියන එක ගැන ආඩම්බරයි....Wish you all the best !

    ReplyDelete
  12. මෙහෙම නෙවෙයි පස්සේ ඇවිත් නිදහසේ කමෙන්ට් කරන්නෝනැ පෝස්ට් ඔයාගෙ බ්ලොග් දෙකේම ගොඩක් තියනව.ඉන්නකෝ විභාගෙ ඉවර වෙනකම්!

    ReplyDelete
  13. ඉස්කෝල කාලෙ කරපු කියපුවා හැමදාමත් ගේන්නෙ සතුටක්. පන්ති කාමරේට වඩා මගෙත් මතකයෙ තියෙන්නෙ පිට්ටනියෙ දුව පැන ඇවිදපු ඒවා.

    අද තමයි මේ පැත්තේ ආවේ. සරලව, හොඳට ලියවිලා තියෙනවා. ජය වේවා දුව ..!

    ReplyDelete

හිතුණු හැමදේම ලිව්වට කාරි නෑ.....

නඩේ ඉන්න අනිත් ඈයෝ....සහෘද හදවත්

ලියන්නේ...