Blogger Widgets

Saturday, October 20, 2012

අට වසර

අපේ පන්තිය තිබුණෙ මෙන්නෙ මේ ගොඩනැඟිල්ලේ

අයියෝ අට වසර.... නියමයි. රූපසිංහ මිස් ගේ නිදිමත සිංහල පාඩම අහගෙන කිරාවැටෙන්න වගේම හැමවෙලාවකම Sectional Head සහබන්දු මිස්ගෙ හිනාවෙවී බනින එව්වා අහගෙන සිරාවටම ජොලි කර කර අපි පන්තියේ හිටියා:. 

ුලින්ම Class Teacher වුණු වින්ධ්‍යා මිස් නියමයි. මිස් හැමදෙයක්ම ලියන්නේ English Capitalsවලින් විතරමයි. ඉතින් ඒක අපිට  fun තමයි. මිස් අපිට Western Provinceවල Past Test Papers ගෙනල්ලා Assessment Boxes හදලා දුන්නා. ඒත් කවුද අප්පා ඕවා කරන්නේ?:P ඇයි එකපාරක් මිස් පන්තියේ හොඳම ශිෂ්‍යාව තේරුවා නේ...:D

අපේ Next Class Teacher වුණේ ඉන්දිකා මිස්. මිස් ඉතින් කාලේ අපිට මාරම Strict . වාර විභාගය ඉවර වුණහම Papers ගෙදර ගෙනිහින් File කරලා Parentsලාගෙ Sign එකත් එක්ක ආයෙම ගෙනල්ලා පෙන්නන්න ඕනෙ. හ්හ්හ්හ්හ්....මිස් අපිව බදාදා දවස්වලට පන්තියෙන් එළියට දාලා කේශාන්තයේ සිට පාදාන්තය දක්වාම හොඳින් Check කරලයි පන්තියට ගන්නේ. දිග නියපොතු, Shape කරපු Eyebrows දැක්කොත් කපෝතියි... ඒත් මිස් දේවල්  කරේ අපිව හොඳ ළමයි කරන්න නේ.

අපේ ආදරණීය සරත් සර් මුලින්ම අපිට බුද්ධාගම උගන්නන්න ආවෙත් මේ අවුරුද්දේ. අපෝ අපි තාමත් සර්ට මාර බයයි නේ..

හැම මිස්ලාම English Medium Class එකට බැන්නත්, අපේ සහබන්දු මිස් අපිට ආදරෙයි. මට මතකයි සමහර දවස්වලට මිස් අපේ ලාෂිණීගේ School Bag  එක හංගනවා ඉස්කෝලෙ ඇරිලා යන්න බැරි වෙන්න  :D:

අපේ පන්ති තිබුණු Building එකේ තිබුණෙ කොට බිත්ති නේ. ඉතින් අපි උදේ පාන්දරම පන්තියට ගියපු දවසට (6.30 විතර ) පන්තිය වහලා නේ. අපි කරන්නේ ඉතින් කොල්ලො වගේ කොට බිත්තියෙ තියෙන ගේට්ටුව උඩට නැඟලා, ඒක උඩ ඉඳන් පන්තියට පනින එක. දවසක් වැඩේට අපි බැනුම් ඇහුවා වගේ මතකයකුත් වකාගේ හිතේ අපැහැදිලිව තියෙනවා. ඔන්න ඕවානේ පාසල් ජීවිතේ රසබර අත්දැකීම්...

 අහ් තව දෙයක්. ඒ කාලෙ කැන්ටිමට අපි නිසා මාර ප්‍රොෆිට් එකක් ලැබුණා. ඒ අර රුපියල් දහයෙ 50 50 අයිස්ක්‍රීම් එක නිසා. කහපාටයි කොළපාටයි :) පොකැට්ටුවටත් ලාබයි, කැන්ටිමේ අනිත් කෑමවලට සාපේක්ෂව නම් මේක අපිට දිව්‍යමය භෝජනයක් වුණා. ඒකාලෙම තමයි වොන්ඩර්බයිට් නුත් කැන්ටිමට ආවෙ මට මතක හැටියට.


කට්ටියට මතක ඇති අපිට Maths කරපු අවන්ති මිස්ට පොත් පෙන්නන්න පොරකාපු හැටි. එතකොට අර ඉශානි මිස්ගෙ Health සහ Science පාඩම්. ආඃ තව එකක් ...මතකද දන්නේ නෑ අර Training College එකට කොටින්ගෙ Threats කියලා හැමදාම අම්පාරෙ ගිහින් පරක්කුවෙලා ඉස්කෝලෙට දුවගෙන ඇවිත් අපේ වතුර බෝතල් හිස් කරපු සර්.....

අපේ වගා සංග්‍රාමය මතකද?
අපේ පන්තිය ළඟ තිබිණු මුහුදුබඩ නිසරු මුඩුබිමක් සාරවත් පොළොවක් බවට පත් කරන්න අපි ගත්ත මහන්සිය...මතකයි අපි පුළුවන් විදියට තණකොළ එහෙම ගලවලා, ගල් එහෙම ඉවත්කරලා, පස් කන්ද කපලා, පඩිපෙළක් හදලා, පාත්තිවලට ගෙවල්වලින් පෝර, පොල්ලෙලි ගෙනිහින් වම්බටු, බණ්ඩක්කා එහෙම ඉන්දලා පලදාව එහෙමත් ගත්තානේ...කොහොමද අපේ වැඩ??   :D

"හැමදාම අපේ පන්තිය අනිත් පන්ති අතර කොන්වුණා. අපිට හැමදාම ලැබුණෙ අඩුපාඩු පිරිච්ච, එපාකරපු පන්තිකාමර. ඉතින් එපාවුණා අපි හැමෝටම පන්තිවල ඉන්න පවා. මට මතකයි ඒකෙ Result එකක් විදියට තමයි ළමයි පන්තිය අතුනොගා Corridor එක අතුගාන්න පොරකෑවෙත්...."

නොලියා ඉන්න බැරි නිසා ඉහත ඡේදයත් ලිව්වා. ඇත්ත නිසා මොකටද බයවෙන්නේ?

ඉංග්‍රීසි මාධ්‍ය පන්තියට වෙන ඉස්කෝලවල හොඳට සළකද්දී, අපිට මෙහෙමයි වුණෙ...බරපතල විස්තර ඉස්සරහ පෝස්ට්වල. මේ දේවල් ලියන්නෙ අපෙ මානසික ලෙඩකට නම් නෙවෙයි. අපෙන් පස්සෙ, ඒ කියන්නෙ 2011 ඕ ලෙවල් අයගෙන් පස්සෙ ඉස්කෝලෙ ඉන්න අපෙ අනිත් නංගිලාටවත්, කිසිම භේදයක් නැතිව ඉගෙනගන්න දෙන්න.

ගොඩාක් කට්ට කාලත් අපි යාළුවො ටික හොඳට වැඩ ටික කරගෙන හිටියා. අපිව වට්ටවන්න කාටවත් බැරිවුණා වගේමයි ඉස්සරහටත් අපේ සෙට් එක ලොවෙත් වට්ටන්න නම් දෙන්නෙ නෑ


17 comments:

  1. මටත් පුදුමයි, සාමාන්‍යයෙන් ඉස්කෝලවල ඉහලම තැනක් දෙන්නෙ English Medium පන්තිවලට.... කමක් නෑ ඒ කාලෙ ගතකරල ඉවරයි නොවැ, කොහොම උනත් ඔයාල ඒ කොන්වීම්,ප්‍රශ්න වලින් ලබාගත්තු අත්දැකීම් නම් ජීවිත කාලෙටම වටිනව ,,,,

    "අපේ පන්තිය ළඟ තිබිණු මුහුදුබඩ නිසරු මුඩුබිමක්" - කොහොමහරි දැන් ඔයාල නිසරු මුඩුබිමකින් උනත් සාර්ථක පලදාවක් ගන්න ඉගෙනගත්තනෙ....


    ඔයාල ගැන ගොඩක් සතුටුයි ඉතින් .....

    ReplyDelete
  2. හැබැයි මට 50-50 අයිස්ක්‍රීම් නම් පෙන්නන බෑ... !!!! :r

    ReplyDelete
    Replies
    1. මුලදි පණ වුණත් දීලා අයිස්ක්‍රීම් කාපු බහුතරයටහ් ඔහොම වුණා...(බහුතරයට කිව්වට හරියටම දන්නේ නැ..මට නම් එහෙමයි :p )

      Delete
  3. ඇත්තටම කවුද අර වතු‍‍ර බෝතල් හිස් කරපු සර්?? :පී...

    අනිත් පුරස්නේ.... මොකෝ අර ඉන්දිකා මිස් ඔයාලාව බදාදා දවස් වලට විතරක් චෙක් අප් එකකට දාලා තියෙන්නේ?? o.O

    ReplyDelete
    Replies
    1. ලොකු මතකයක් නම් නෑ. වකාටත් ඕක මතක් වුණේ බ්ලොග් එකට කරුණු හොයන්න යාළුවෙක්ට දුරකථන ඇමතුමක් දීපු වෙලාවක, එයා කිව්වහම. :P

      ඉන්දිකා මිස් අපිව බදාදාට එළියට දාන්නේ, ඒ සතියෙ මැද දවස නිසා නේ.. :D

      Delete
  4. බොහොම හරි නංගෝ... පැත්ත ගියත් එකටම ඉන්න :ඩී... ඔයාලා සෙට් එක හැමදාටම එකට ඉඳීවි කියලා ප්‍රාර්ථනා කරනවා මම :)...

    ReplyDelete
  5. අපේ මතකයන්ද අවදි කළ අනගි අව්‍යාජ ලිපියක්.ඔබට සදා ජය පතමි එන්න සමකය වටේ රවුමක් යන්න

    ReplyDelete
    Replies
    1. ස්තූතියි ඔබට!

      ඔන්න අපිත් සමකය වටේ යන්න ආවෝ... :)

      Delete
  6. දක්කම මතක් උනා. :ඩී අපිටත් 10,11 පන්ති දෙකේ සින්හල ඉගැන්නුවෙ රූපසින්හ මිස්.කියල වැඩක් නෑ.හැබයි නිදිමතයි කියල අපිත් නිකන් ඇරියෙ නෑ.මිස්ස්ට කොහොමවත් උත්තරයක් හිතාග්න්න බැරි ප්‍රශ්නයක් අහල මිස්ව අමරුවෙ දාන එක තමයි අපේ වැඩේ.(මම තම්යි ඉතින් ඕව අහන්නෙ. :පී)ඉතින් මිස් එඩාට පීරියඩ් එක ඉවර වෙනකන්ම උත්තරේ මතක් කර කර ඉදලා යන්න යනවා. :පී

    ReplyDelete
    Replies
    1. :D :D

      තැන්කූ අක්කියෝ අපි බලන්න මේ පැත්තට ආවාට ... :)

      Delete
  7. හික් හික් පාසල් කාලේ සොඳුරු මතකයන් මතක් කොරගන්නනම් එන්න ඕනේ වකා ගේ සයිට් එකට. ආසාවෙන් කියෙව්වා නංගියා.

    ReplyDelete
    Replies
    1. අයියෝ මේ වකාගෙ සයිට් එක නෙමෙයි. වකාගෙ පන්තියේ සයිට් එක.. :p

      ස්තූතියි කෝරළේ මහත්තයෝ...

      Delete
    2. මොකක් උනත් එකනේ ලියන්නේ වකා :P

      Delete
  8. මමත් ගොඩ වැදුනා මතකයේ සිරි දකින්න.අපේ පැත්තටත් එන්න ඉතිං
    http://manasindiviyata.blogspot.com/

    ReplyDelete
  9. ae wunata ape skul 1keth echarama thamai ,man kalin senuta kiyalath athi ,E.M 1 ta baninna waraddak hoyapu nathi kenek nathi tharam .Ae wunata E.M class 1 thamai section 1 thibba hodhama class 1 saha hodhama lamai hitapu class 1 ,okai atta thathwe ...:P

    ReplyDelete

හිතුණු හැමදේම ලිව්වට කාරි නෑ.....

නඩේ ඉන්න අනිත් ඈයෝ....සහෘද හදවත්

ලියන්නේ...