Blogger Widgets

Saturday, September 29, 2012

ලොකු ඉස්කෝලේ පළවෙනි අවුරුද්ද - Grade 6


සිස්සත්තෙන් පස්සෙ ඔලුගෙඩි ඇතුලෙ තිබ්බ මහා බර කන්දරාව ටිකක් හෑල්ලු කරගෙන සතුටෙන් ඉන්න සැලසුම් හදපු පුංචි අපිට ජීවිතේ ඉස්සරහ තියෙන අධ්‍යාපන අභියෝගය දැනුනෙවත් නෑ. ඉතින් අපි වැඩිදෙනෙක් ඔන්න ඔහේ හයේ පන්තියට ආවා.කිසිම අරමුණක්, බලාපොරොත්ත්වක් නැතුව විනෝදෙන්. මොනවහරි පෙර කරපු දේක ප්‍රතිඵලයක් විදියට මේ රස කතාවට සම්බන්ධ Class 1 අපි ඔක්කොම ඇතුලුවුණා. සත්තයි මට නම් ඒ වෙද්දී කිසිම විදියකින් හිතන්න බැරි වුණා  අපේ මේ 6 වසරෙ පන්තිය ඒ පන්තියේ හිටපු හැමෝගෙම ජීවිත වෙනස් කරාවි කියලා.
අපේ ප.භා.ගුරුතුමිය වුණේ නිශාන්ති මිස්. මිස් ඉගැන්නුවෙ Mathematics. කොහොමහරි එදා අපිට 6 වසරෙ පන්ති පටන්ගත්ත දවසෙ මිස් පන්තියට ආවෙ අන්තිම මොහොතෙ, අනිත් එක අපි දැනගෙන හිටියෙ නෑ මේ අලුත්, ලස්සන මිස් අපේ Class Teacher කියලා. ඉතිං අපිට එදා ඒ මිස්ට බුලත් දීල වඳින්න බැරිවුණා. ඒත් ඊට පස්සෙ දවසෙද කොහෙද තිබ්බ Parents Meeting එකේදී මිස් මේක කියලා. අන්තිමේදි පස්සෙ මිස් අපේ Class Teacher කියලා දැනගෙන අපි වැන්ඳත්...ගෙවල්වල ගිහින් කාට කාටත් නො අඩුව බැනුම් නම් ලැබුණා. /sweat

අපි 6 පන්තියෙ ඉන්නකොට Sectional Head වුණේ අමරා මිස්. මිස් දැන් නම් විශ්‍රාමිකයි. ඒ කාලෙ අපේ පන්තිය තමයි එකෙන්ම කෑගැහිල්ලෙන් 1st  වුණෙ.(කොහොම කොහොම හරි අපි මේ වාර්තාව 11 වසරට එනකල්ම රැකගත්තා) මතකයි මට මුළු පන්තියම හිටවලා තියපු දවස් එහෙමත්. ඊළඟට අපිට Punish කරපු තවත් මිස් කෙනෙක් තමයි අපේ එහා පන්තියට English උගන්නපු  රේණුකා මිස්. අපි 6 දී මිස් එක්ක මාර තරහයි.හැමදාම ඉතින් අපිට බනිනවා නේ. (ඒත් මිස් 7 දී අපේ Class Teacher වුණා, අපිත් එක්ක ගොඩාක් යාළු වුණා. :) ඉතින් මිස්ට අපි 6 ඉන්නකොට තරහ ගියපු හැටි මතක් වුණහම දැනුත් හිනාවෙන්න පුළුවන්. )

මේ අවුරුද්දෙම තමයි අපේ පන්තිය සිස්සත්තෙන් පාස් වෙච්ච සහෝදරියො ඇ විදින් ආක්‍රමණය කරේ. මට මතකයි එයාලා ඉස්කෝලෙ Interview ආපු දවස්වල ඉඳන්ම අපේ ළමයි Plan කරේ එයාලව එළවන විදියක්, කොහොමද පල් කරන්නේ, කොන් කරන්නේ කියලා. ඒ කාලෙ ළමයින්ට මාර හැඟීමක් ඉස්කොලෙ ගැන තිබ්බෙ. පස්සෙ තේරිච්ච විදියට නම් ඒක පුහු මාන්නයක් -_- .මොනවා කරන්නද? අපි ඒ කාලෙ බරක් පතලක් හිතුවෙ නෑ නේ. හරි හරි. ඒවයින් වැඩක් නෑ . ඔන්න කොහොම කොහොම හරි අලුත් ළමයි පන්තියට ආවා. හැබයි හ්ම්ම්ම්ම් සද්දයක්වත් අපේ පර Set එකෙන් නැඟුණේ නෑ. 

මට හරියටම කොයි කාලෙද කියලා මතක නෑ. ඒත් මේ අවුරුද්දෙ තමයි LTTE එකෙන් ගාල්ලෙ Navy Camp එකට Attack කරේ :( . එදා අපි මොනවහරි Sports වලට Ground යන්න හැදුවා විතරයි එකපාරටම වෙඩි සද්ද ඇහෙන්න ගත්තේ. ඒ දවස්වල රටේ තිබුණු තත්වයේ හැටියට අපේ ගුරුවරු බයවුණා. ඉස්කෝලෙ ඇතුළෙ අපි ඔක්කොම තියාගෙන, පුදුම ආරක්ෂාවක් දීලා තමයි අපිව බලාගත්තේ. මට මතකයි අපේ මුළු Section එකටම පන්සිල් ගන්න කියලා එදා මිස්ලා පිරිතුත් කියපු හැටි. එදා අන්තිමට අපේ දෙමව්පියො ආවහම අපිට ගෙවල්වලට යන්න දුන්නා. #:-S

බලන්න ඕනෙ ගාල්ල Town එකේ හැටි. මිනිස් පුලුටක් තිබුනෙ නෑ. :-S  ඉතින් ඒ කාලෙ  උතුරුකරේ හිටපු අපේම සොයුරු සොයුරියො ලියන අකුරු හැමදාම වෙඩි සද්දෙට ඇදවෙන එකේ, ජීවිතේ ගැනවත් එයාලට හීන නොතිබුණු කාලෙ... :-SS අපිටත් එහෙම හරි යුද්ධයේ අත්දැකීමක් ලැබුණු එක වටිනවා කියලත් මට වෙලාවකට හිතුණා. ඒ සිද්ධියෙන් අපි කාටවත් මතක නැති එක යහපත් දෙයක් වුණා. මම මතක නෑ කිව්වෙ මේ සිද්ධිය. එදා ඉඳලා තමයි අපේ පන්තියේ ළමයි ඔක්කොම Close වුණේ. කරදර ඉස්සරහා එකතුවෙලා Face කරේ.මට මතකයි එදා සමහර ළමයි බයවෙලා අඬාවැළපෙද්දී අපිම ඒ අය වටේ එකතුවෙලා සනසවපු හැටි.

ආඃ මේ අවුරුද්දේ තමයි අපි පන්ති මට්ටමෙන් එකතුවෙලා මුලින්ම වෙසක් කූඩු තරඟෙකට ගියේ. අපිට Section එකෙන් 2nd Place ලැබුණා =D> . මට මතකයි ඒ නිසා අපිට Toffee 50ක පැකට් එකක් ලැබුණු බවත්, ඒක පන්තියේ ඔක්කොටම මදි වුණ බවත්...අපි ඔක්කොම 52ක් හිටපු නිසා.

මේ අවුරුද්දෙම තමයි අපි අපේ ආදරණීය ප්‍රේමසිරි සර් අඳුනාගත්තෙත්. නිශාන්ති මිස් නැති දවසක Relief Period එකකට පන්තියට ආපු සර් අපිට මුලින්ම ඉගැන්නුවෙ  Time පාඩම. ඇයි එතකොට අපේ ඉන්දිකා මිස්. මිස් අපිට මුලින්ම ඉගැන්නුවේ Environmental Studies නේ. අම්මෝ...අපි නම් තාමත් බයයි නේ මිස්ට. ප්‍රියන්ති මිස් තමයි නේ අපිට ඒ අවුරුද්දෙ මුල Environmental Studies ඉගන්නවෙ. ඊට පස්සෙ.... ආපෝ ලියන්නත් බයයි.

කට්ටියට මතක ඇති අපි එකතුවෙලා හදපු පන්ති පුස්තකාලය (අර Cardboard පෙට්ටියක පොත් එකතු කරපු එක ), ඉස්කෝලෙ දානේ දවසෙ උදේ පන්තියේ Desk එකක ලාච්චුවේ හිටපු පුංචි පූස් පැටව්, ඇයි ඒ වගේම සුනීතා මැඩම්...අර Englishවලින් හැමදෙයක්ම කරේ. :ar!


එතකොට Practical Technical Skills Period එක. නියමයි නේඇයි අපේ බිත්තර බබා..




S.Path විසින් එකතු කරන ලදී.....

වකාට අමතක වෙච්ච එවා අපි මෙහෙම continue කරනවා.අපිට 6 වසරෙදි සිංහල උගන්නපු කරුණා මිස් මතකද? මිස් ආයුබෝවන් කිව්වේ හරහට ඡන්දෙ ඉල්ලන කෙනෙක් මනාපෙ ඉලන්න වගේ :)) . ඒ period එක ඉවර වෙනකොට අපේ කට්ටියක්ගේ පොත් වල කොල කටේ හිනාව නවත්ත ගන්න බෑරිව, අනිත් අය සෑප නින්දේ :D .

අපිට සොබදම ගොඩාක් ලංවෙලා පරිසරයට ආදරය වෑඩිපුර ආදරය කරන්නත් පටන් ගත්තේ මේ grade එකේ. ඒ දවස් වල අපි පෑළයක් බදා ගත්තු ගමන්මයි :P . තුන් හිතකින් වත් අපිට කොළයක් බිමට දාන්න හිතුනෙ නෑ. බිම ඒ තරම් ම පිරිසිදුවට තිබුනා. ;) මේ වගේ දේවල් අපිට පුරුදු කරපු අමරා මිස් ට තමයි ඉතින් අපි පිං දෙන්න ඕනේ :D

/Bye


PS
 වකා S.Path එක්ක එකතු වෙලා ලියපු මේ කතාව තව ගොඩාක් දිගයි. ඉතින් අපි දෙන්නා මේ ඇරයුම් කරන්නෙ අපේ පන්තියෙ කට්ටියටම..අඩුපාඩු පුරවන්න

PPS :

 වකාගේ ලැප හදිසියේම මිය ගිය අතර දෘඪ තැටියට ද අලාභ හානි සිදුවිය. එම නිසා කට්ටිය ගැන ලියූ වගතුගවලින් දැනට ඉතිරිව ඇත්තේ බ්ලොගර්හි වලාකුළු ගබඩාවේ රැඳුණු ඒවා පමණි.
කට්ටියගේ වගතුග ගෙන ඒම සඳහා සිදුවන පමාවට සමාවෙන්න.

13 comments:

  1. අපිටත් හිටිය හොස්ස ලඟින් මැස්ස යන්න බැරි ගුරුවරු වගේම හරිම කරුණාවන්ත ගුරුවරුත්. අපි ඕලෙවල් කරන කාලේ හිටපු ප්‍රින්සිපල් සර් ට අපි හරි ආසයි. සර් සැරයි..සමහර වෙලාවට උගන්වන්නත් එනවා ගුරුවරයෙක් නැති පීරියඩ් වලට. එතකොට ලස්සන කතන්දර එහෙම අහ ගන්න පුළුවන්.
    මේවා කියවන කොට ඉස්කෝලේ ගියා කාලේ මතක් වෙනවා...

    ReplyDelete
    Replies
    1. :D

      ගොඩාක් ස්තූතියි මේ පැත්තට ගොඩවුණාට.
      දිගටම අපිත් එක්ක රැඳිලා ඉන්න

      Delete
  2. මටත් මතකයි ඔයLTTE සීන් එක.අපිත් එතකොට හය වසරෙ...
    මොකද්ද වකාගෙ ලැපීට එකපාරට වුනේ ?

    ReplyDelete
    Replies
    1. :)

      ලැපට වුණ දේ නම් මම හිතන්නේ නෑ ලැපවත් දන්නවා ඇති කියලා.... :(

      Delete
  3. බලපල්ලකෝ ඉතින් මේ ඇච්චන් කෙල්ලො ටික ඒ කාලේ කොරලා තියෙන හපන්කම් ටික...

    ReplyDelete
  4. අපේ ගමේ ඉස්කෝලයක් ගැන නේ ලියල තියෙන්නේ!
    නෙවි කම්ප එකට ගහපු දවසේ නම් අපිත් හිටියේ ඉස්කෝලේ!හතර වටෙන්ම ළමයි අඩනවා!ඒ අස්සේ දෙමව්පියෝ ඇවිත් කලබල කරනවා ගේට්ටුව ළඟ.
    ඉස්කෝලේ කාලෙට යන්න ඇත්නම් කියල හිතෙනවා!
    ඒක නෙමේ ඔයාලගේ ඉස්කෝලේ වව්ල්ලු ඉන්නවා කියන්නේ ඇත්තද?:D :D

    ReplyDelete
    Replies
    1. "ඉස්කෝලේ කාලෙට යන්න ඇත්නම් කියල හිතෙනවා!"
      ඇත්තටම සහෝ අපිට ගොඩාක් දේවල්වල වටිනාකම දැනෙන්නේ ඒවායින් ඈත් වුණාම තමයි..

      PS : කවුද සහෝදරයට වැරදි ආරංචියක් දීලා වගේ...:O

      Delete
  5. Replies
    1. අපෝ නෑ.. :) ඕනෙ නම් ඈවිත් බලන්න B-)

      Delete
  6. මමත් ඇවිත් ගියා ඔන්න! දිගටම ලියන්න...

    ReplyDelete
    Replies
    1. හරී... :)

      ස්තුතියි අයියේ..

      Delete
  7. නියමයි හලෝ ..... ඉස්කෝලේ කාලේ අත් දැකීම් නම් කියලා නිම කරන්න බෑ ...ගින්දර

    ReplyDelete

හිතුණු හැමදේම ලිව්වට කාරි නෑ.....

නඩේ ඉන්න අනිත් ඈයෝ....සහෘද හදවත්

ලියන්නේ...