Blogger Widgets

Saturday, September 29, 2012

ලොකු ඉස්කෝලේ පළවෙනි අවුරුද්ද - Grade 6


සිස්සත්තෙන් පස්සෙ ඔලුගෙඩි ඇතුලෙ තිබ්බ මහා බර කන්දරාව ටිකක් හෑල්ලු කරගෙන සතුටෙන් ඉන්න සැලසුම් හදපු පුංචි අපිට ජීවිතේ ඉස්සරහ තියෙන අධ්‍යාපන අභියෝගය දැනුනෙවත් නෑ. ඉතින් අපි වැඩිදෙනෙක් ඔන්න ඔහේ හයේ පන්තියට ආවා.කිසිම අරමුණක්, බලාපොරොත්ත්වක් නැතුව විනෝදෙන්. මොනවහරි පෙර කරපු දේක ප්‍රතිඵලයක් විදියට මේ රස කතාවට සම්බන්ධ Class 1 අපි ඔක්කොම ඇතුලුවුණා. සත්තයි මට නම් ඒ වෙද්දී කිසිම විදියකින් හිතන්න බැරි වුණා  අපේ මේ 6 වසරෙ පන්තිය ඒ පන්තියේ හිටපු හැමෝගෙම ජීවිත වෙනස් කරාවි කියලා.
අපේ ප.භා.ගුරුතුමිය වුණේ නිශාන්ති මිස්. මිස් ඉගැන්නුවෙ Mathematics. කොහොමහරි එදා අපිට 6 වසරෙ පන්ති පටන්ගත්ත දවසෙ මිස් පන්තියට ආවෙ අන්තිම මොහොතෙ, අනිත් එක අපි දැනගෙන හිටියෙ නෑ මේ අලුත්, ලස්සන මිස් අපේ Class Teacher කියලා. ඉතිං අපිට එදා ඒ මිස්ට බුලත් දීල වඳින්න බැරිවුණා. ඒත් ඊට පස්සෙ දවසෙද කොහෙද තිබ්බ Parents Meeting එකේදී මිස් මේක කියලා. අන්තිමේදි පස්සෙ මිස් අපේ Class Teacher කියලා දැනගෙන අපි වැන්ඳත්...ගෙවල්වල ගිහින් කාට කාටත් නො අඩුව බැනුම් නම් ලැබුණා. /sweat

අපි 6 පන්තියෙ ඉන්නකොට Sectional Head වුණේ අමරා මිස්. මිස් දැන් නම් විශ්‍රාමිකයි. ඒ කාලෙ අපේ පන්තිය තමයි එකෙන්ම කෑගැහිල්ලෙන් 1st  වුණෙ.(කොහොම කොහොම හරි අපි මේ වාර්තාව 11 වසරට එනකල්ම රැකගත්තා) මතකයි මට මුළු පන්තියම හිටවලා තියපු දවස් එහෙමත්. ඊළඟට අපිට Punish කරපු තවත් මිස් කෙනෙක් තමයි අපේ එහා පන්තියට English උගන්නපු  රේණුකා මිස්. අපි 6 දී මිස් එක්ක මාර තරහයි.හැමදාම ඉතින් අපිට බනිනවා නේ. (ඒත් මිස් 7 දී අපේ Class Teacher වුණා, අපිත් එක්ක ගොඩාක් යාළු වුණා. :) ඉතින් මිස්ට අපි 6 ඉන්නකොට තරහ ගියපු හැටි මතක් වුණහම දැනුත් හිනාවෙන්න පුළුවන්. )

මේ අවුරුද්දෙම තමයි අපේ පන්තිය සිස්සත්තෙන් පාස් වෙච්ච සහෝදරියො ඇ විදින් ආක්‍රමණය කරේ. මට මතකයි එයාලා ඉස්කෝලෙ Interview ආපු දවස්වල ඉඳන්ම අපේ ළමයි Plan කරේ එයාලව එළවන විදියක්, කොහොමද පල් කරන්නේ, කොන් කරන්නේ කියලා. ඒ කාලෙ ළමයින්ට මාර හැඟීමක් ඉස්කොලෙ ගැන තිබ්බෙ. පස්සෙ තේරිච්ච විදියට නම් ඒක පුහු මාන්නයක් -_- .මොනවා කරන්නද? අපි ඒ කාලෙ බරක් පතලක් හිතුවෙ නෑ නේ. හරි හරි. ඒවයින් වැඩක් නෑ . ඔන්න කොහොම කොහොම හරි අලුත් ළමයි පන්තියට ආවා. හැබයි හ්ම්ම්ම්ම් සද්දයක්වත් අපේ පර Set එකෙන් නැඟුණේ නෑ. 

මට හරියටම කොයි කාලෙද කියලා මතක නෑ. ඒත් මේ අවුරුද්දෙ තමයි LTTE එකෙන් ගාල්ලෙ Navy Camp එකට Attack කරේ :( . එදා අපි මොනවහරි Sports වලට Ground යන්න හැදුවා විතරයි එකපාරටම වෙඩි සද්ද ඇහෙන්න ගත්තේ. ඒ දවස්වල රටේ තිබුණු තත්වයේ හැටියට අපේ ගුරුවරු බයවුණා. ඉස්කෝලෙ ඇතුළෙ අපි ඔක්කොම තියාගෙන, පුදුම ආරක්ෂාවක් දීලා තමයි අපිව බලාගත්තේ. මට මතකයි අපේ මුළු Section එකටම පන්සිල් ගන්න කියලා එදා මිස්ලා පිරිතුත් කියපු හැටි. එදා අන්තිමට අපේ දෙමව්පියො ආවහම අපිට ගෙවල්වලට යන්න දුන්නා. #:-S

බලන්න ඕනෙ ගාල්ල Town එකේ හැටි. මිනිස් පුලුටක් තිබුනෙ නෑ. :-S  ඉතින් ඒ කාලෙ  උතුරුකරේ හිටපු අපේම සොයුරු සොයුරියො ලියන අකුරු හැමදාම වෙඩි සද්දෙට ඇදවෙන එකේ, ජීවිතේ ගැනවත් එයාලට හීන නොතිබුණු කාලෙ... :-SS අපිටත් එහෙම හරි යුද්ධයේ අත්දැකීමක් ලැබුණු එක වටිනවා කියලත් මට වෙලාවකට හිතුණා. ඒ සිද්ධියෙන් අපි කාටවත් මතක නැති එක යහපත් දෙයක් වුණා. මම මතක නෑ කිව්වෙ මේ සිද්ධිය. එදා ඉඳලා තමයි අපේ පන්තියේ ළමයි ඔක්කොම Close වුණේ. කරදර ඉස්සරහා එකතුවෙලා Face කරේ.මට මතකයි එදා සමහර ළමයි බයවෙලා අඬාවැළපෙද්දී අපිම ඒ අය වටේ එකතුවෙලා සනසවපු හැටි.

ආඃ මේ අවුරුද්දේ තමයි අපි පන්ති මට්ටමෙන් එකතුවෙලා මුලින්ම වෙසක් කූඩු තරඟෙකට ගියේ. අපිට Section එකෙන් 2nd Place ලැබුණා =D> . මට මතකයි ඒ නිසා අපිට Toffee 50ක පැකට් එකක් ලැබුණු බවත්, ඒක පන්තියේ ඔක්කොටම මදි වුණ බවත්...අපි ඔක්කොම 52ක් හිටපු නිසා.

මේ අවුරුද්දෙම තමයි අපි අපේ ආදරණීය ප්‍රේමසිරි සර් අඳුනාගත්තෙත්. නිශාන්ති මිස් නැති දවසක Relief Period එකකට පන්තියට ආපු සර් අපිට මුලින්ම ඉගැන්නුවෙ  Time පාඩම. ඇයි එතකොට අපේ ඉන්දිකා මිස්. මිස් අපිට මුලින්ම ඉගැන්නුවේ Environmental Studies නේ. අම්මෝ...අපි නම් තාමත් බයයි නේ මිස්ට. ප්‍රියන්ති මිස් තමයි නේ අපිට ඒ අවුරුද්දෙ මුල Environmental Studies ඉගන්නවෙ. ඊට පස්සෙ.... ආපෝ ලියන්නත් බයයි.

කට්ටියට මතක ඇති අපි එකතුවෙලා හදපු පන්ති පුස්තකාලය (අර Cardboard පෙට්ටියක පොත් එකතු කරපු එක ), ඉස්කෝලෙ දානේ දවසෙ උදේ පන්තියේ Desk එකක ලාච්චුවේ හිටපු පුංචි පූස් පැටව්, ඇයි ඒ වගේම සුනීතා මැඩම්...අර Englishවලින් හැමදෙයක්ම කරේ. :ar!


එතකොට Practical Technical Skills Period එක. නියමයි නේඇයි අපේ බිත්තර බබා..




S.Path විසින් එකතු කරන ලදී.....

වකාට අමතක වෙච්ච එවා අපි මෙහෙම continue කරනවා.අපිට 6 වසරෙදි සිංහල උගන්නපු කරුණා මිස් මතකද? මිස් ආයුබෝවන් කිව්වේ හරහට ඡන්දෙ ඉල්ලන කෙනෙක් මනාපෙ ඉලන්න වගේ :)) . ඒ period එක ඉවර වෙනකොට අපේ කට්ටියක්ගේ පොත් වල කොල කටේ හිනාව නවත්ත ගන්න බෑරිව, අනිත් අය සෑප නින්දේ :D .

අපිට සොබදම ගොඩාක් ලංවෙලා පරිසරයට ආදරය වෑඩිපුර ආදරය කරන්නත් පටන් ගත්තේ මේ grade එකේ. ඒ දවස් වල අපි පෑළයක් බදා ගත්තු ගමන්මයි :P . තුන් හිතකින් වත් අපිට කොළයක් බිමට දාන්න හිතුනෙ නෑ. බිම ඒ තරම් ම පිරිසිදුවට තිබුනා. ;) මේ වගේ දේවල් අපිට පුරුදු කරපු අමරා මිස් ට තමයි ඉතින් අපි පිං දෙන්න ඕනේ :D

/Bye


PS
 වකා S.Path එක්ක එකතු වෙලා ලියපු මේ කතාව තව ගොඩාක් දිගයි. ඉතින් අපි දෙන්නා මේ ඇරයුම් කරන්නෙ අපේ පන්තියෙ කට්ටියටම..අඩුපාඩු පුරවන්න

PPS :

 වකාගේ ලැප හදිසියේම මිය ගිය අතර දෘඪ තැටියට ද අලාභ හානි සිදුවිය. එම නිසා කට්ටිය ගැන ලියූ වගතුගවලින් දැනට ඉතිරිව ඇත්තේ බ්ලොගර්හි වලාකුළු ගබඩාවේ රැඳුණු ඒවා පමණි.
කට්ටියගේ වගතුග ගෙන ඒම සඳහා සිදුවන පමාවට සමාවෙන්න.

Saturday, September 22, 2012

සහෝදරත්වයේ තීර්ථ යාත්‍රාව

(සදාකල්හිම මතකයෙන් ඉවතට පිය නොනඟනා අපූරු කතාවක්)


මේ කතාව ලියන මමත් මේ කතාවෙම සමාන අයිතිවාසිකම් දරන කෙනෙක්.මේ කතාව තමයි මම ලියන වඩාත්ම ආදරණීය වගේම හැඟීම්බරම කතාව.

මේ කතාව මම ලියන්නෙ මගෙ අනිත් සංවාද වියමන් වගේ සංයමය සහිත භාශා රටාවකින් නෙවෙයි.මම ලියන්නෙ අපේ භාශාවෙන්.ඒක තමයි අපේ මේ කතාවෙ අනන්‍යතාව රකින්නේ.ඒ නිසා කියවන ඔබට යම් අපහසුතාවයක් වෙනවා නම් මුලින්ම මම සමාව අයදිනවා. නමුත් මම හිතන්නෙ නෑ ගැටළුවක් වෙයි කියලාඅපි හැමෝම මේ ආදරයේ...මිත්‍රත්වයේ භාශාව දන්න නිසා. අනිත් එක කතාවෙ ගැම්ම සිරාවටම පපුවට දැනෙන්නෙ ඒකෙන් කතාව කිව්වොත් විතරයි.

ඔන්න දැන් මම කතාවට එන්නම්.මේ කතාව ආරම්භ වුනේ 2006 ජනවාරි මාසෙ දවසක.එදා තමයි අපි ඉස්කොලෙ වසරට මුළින්ම ගියේ.මට මතක හැටියට එදා සඳුදා දවසක්. අපි ගියේ English Medium Class එකට.

 එදා අපි හිතුවෙවත් නැති දවසක.. හිතන් නැතුවම හමුවෙලා...අතීතේ දුර ඈතකදී අපි අපේ වුණ හැටි නම් හරිම පුදුමාකාරයි. ඒක හරියට අර මල් නවකතා පොත්වල පෙම්වතුන් කල්ප ගානක් පෙරුම් පුරාගෙනපතාගෙන ඇවිත් ආදරය ජයගන්නවා වගේ.

කොහොම කොහොමහරි මම කලින් කියපු විදියට 2006 අවුරුද්දේ අපි හමුවෙනකොට.....අපි කවුරුවත් දැනගෙන හිටියෙ නෑ අපේ ජීවිතවලට ඉස්සරහට මොනව වෙයිද කියලා. ඒත් දැං කාලය ගෙවිලා ගිහින් ඉවරයි. අපේ ජීවිත දැං ගොඩාක්ම වෙනස් වෙලා. ඒත් තාම අතීතයේ  සුන්දර මතකයන් හදවතින් ඉවත් කරන්න බෑ. සත්තයි. හීනයක් වගේ ජීවිතේ ගෙවිලා යනවා.එත් අපි දැන් පරක්කු වැඩියි අඬා වැළපෙන්න.එත් හිත වාවන්නේම නෑ...අපි ආයෙත් එකට නෑ….. කියන අමු තිත්ත ඇත්ත අදහන්නෙ කොහොමදමම දන්නෙ නෑ ඇයි දැං අපි හැමෝටම ඒ අතීතය මතක් කරනකොට ඇස්වලින් කඳුලු ගලන එක නවත්වන්න බැරි කියලා.කටුක සත්‍යය ඇතුළෙ ජීවත්වෙනවට වඩා ..............අතීතයෙ තියෙන මතක සටහන් අතර තනිවෙන්න අපේ හිත් යොමුවෙන්නෙ..........ඒ වගේ කාලයක් ආයෙ කවදාවත්ම උදාවෙන්නෙ නැති නිසා වෙන්න ඇති.මේ ගැන කියවන ඔබ සමහරවිට මේ කතාව ගැන නොදන්නවා ඇති. මම හිතනවා ඒත් මේක  අපි හැමෝටම වැදගත් වෙයි කියලා.

අපේ class එකේ මුලින්ම ළමයි පනස් ගාණක් හිටියා. නමුත් කාලය ගෙවිලා යද්දී එක එකා හැලිලා ගියා. අන්තිමට ඉතුරු වුණේ 2011 දෙසැම්බර් වෙද්දී 40ක් විතරයි.

මම අපේ මුළු කතාවම ටික ටික හෙමිහිට කියන්නම්... ඒත් ඊට කලින් මට හිතෙනවා අපෙ කට්ටිය අඳුන්වලා දෙන්න. ඒක මේ කතාව continue කරන්න ලොකු පහසුවක් වෙයි. ඔන්න අහගන්නවලා අපේ පිස්සු කෙල්ලොන්ගෙ වත ගොත.හැබයි මේ කියන්නෙ සංක්ෂිප්තයක් විතරයි.කියවලා බලලා තොවිල් නටන්න වෙයිද දන්නෙ නැතිනම් චුට්ටක් පරිස්සම් වෙන්න. ඒත් හැබැයි අපිට යක්කු වුනත් free supply කරන්න පුළුවන්. Contacts තියෙනවා. ;) මම කට්ටිය ගැන අපේ  Grade 11 Class එකේ register order එකට අතිනුත් බොරු වර්ණනා එහෙම දාලා කියන්නම්. නැත්නම් මුං ටික මුණගැහුනොත් මටයි, මේක ලියන්න උදව් කරපු සෙනූටයි, පූර්ටයි ඉතින් ගෙදර ගිහින් බත් කන්න වෙන්නෙ දතුත් නැතුව





ඉතිරි කොටස ළඟදීම.......
මල් සහ මඩ බලාපොරොත්තු වන්න



නඩේ ඉන්න අනිත් ඈයෝ....සහෘද හදවත්

ලියන්නේ...