Blogger Widgets

Saturday, October 6, 2012

වෙසක් කූඩුව




අවූරුදු ගාණක් තිස්සෙම අපේ පංතියේ හතළිස් දෙනාම එකට එකතු වෙලා කරන
ලොකුම වැඩේ තමයි ඉස්කෝලෙ තියෙන වෙසක් කූඩු තරඟෙට කූඩුවක් හදන එක.

ඉතින් ඒ දවසවලට ඔක්කොම අය එකට එකතුවෙන නිසා සමහර වෙලාවට අර
 මුළු පන්තියටම විනෝදය සපයන තරහකාරයො සෙට් උනත් අමතක වෙලා
කතාබහ කරනවා. අනිත් වැදගත්ම දේ තමයි ඒ දවස්වලට අපෙ පන්තියේ ඉන්න
 බෞද්ධ, කතෝලික වගේම ඉස්ලාම් කෙල්ලොත් කිසිම අවුලක් නැතුව,
තේරිල්ලක් නැතුව හරි හරියට වැඩ කරන එක.

කෞමදී, ටර්ජිනී, පූර්, ආශිකා, සෙනූ, මම(වකා), කාලිදා, සඳලිකා.....(අපෝ ඔක්කොගෙම
 නම් කියන්න බෑ. හැබැයි අපි හතළිහක් ඉන්නවා) අපි ටික එකතුවෙලා මුළින්ම
කරන්නේ ඉතින් ඡන්දයක් එහෙම තියලා ඩිසයින් එකක් තෝරගන්න එක.
 හැබැයි ඉතින් අපේ ඩිසයින් කවදත් ගැළපුනේ පිටසක්වලට තමයි. තව එකක්..
මේ ඡන්දයේදි ඉතින් මරාගත්තෙ නැති අවුරුද්දකුත් පහුගිය 2006-2011 කාලය
 ඇතුලෙ තිබුනෙ නැද්ද කොහෙද. ;)

කොහොම කොහොමහරි අන්තිමේදි තීරණයකට ආවා කියමුකෝ... ඒත් ඉතින්
 කූඩුව හදන්න ඕන කරන බඩු ටික ගෙන්න ගන්න අපි කීපදෙනෙකුට අපේම
එවුන්ගෙ පාමුල වැඳ වැටෙන්න වෙනවා. උන්ට සමහර වෙලාවට වැන්දත්
ගානක් නෑ. ගහලා බැනලා තමයි වැඩේ අන්තිමට කරගන්නේ. වෙලාවට අපේ
 කෞ අක්කාගෙ කටේ ලොකු බලයක් තියෙනවා. (මම මේ කෞ අක්කට ගොට්ට
 එහෙම දානවා නෙවෙයී)





අපේ plan එකට අනුව හදන කූඩුවකට අවශ්‍ය දේවල් මාර දුර්ලභයි ඒ කාලෙට. ඇයි ඉතිං ඉරටු, මටළු, බට කෝටු, කෙහෙල්බඩ.....ආපෝ තව ගොඩාක් ජාති අරගෙන යන්න එපැයි.ඒ අපි කාලෙක ඉඳලාම green lanternsහදන්න පුරුදු වෙච්ච නිසා.අනික අපේ බහුතරයක් මිතුරියෝ නගරවැස්සොනේ.ඉතින් ගොඩාක් අවුරුදුවල වකාලට, චානිකාලට, පූර්ලට,...සහ නගරෙ හිටියත් කෞ අක්කාටයි, මාරයිටිස්ටයි තමයි ඔක්කොම ලට්ට ලොට්ට උස්සගෙන එන්න වෙන්නේ. ඒක නම් අවුලක් නෑ.අපි කරන්නේ හොඳ වැඩක් නේ.

:P :P :P :P

ඔයින් මෙයින් කොහොමහරි බඩු මුට්ටු එකතුකරගෙන, සුභ නැකතක් එහෙම බලලා :P වෙසක් කූඩු හදන්න අන්තිම මොහොතෙදී මුල පුරන අපිට වැඩේට බැස්සහම අත අරින්න නම් කීයටවත් හිතෙන්නෙ නෑ, ඉතිං අපි අනන්තවත් බැනූම් අහනවා උගන්නන වෙලාවටයි,ඉස්කෝලෙ වෙලාවටයි සියල්ලම පසෙකලා කූඩු හදනවා කියලා. එහෙම තමයි. කවුරුහරි දියුණු වෙනකොට වැදෙන ගල් ගාණ කොහොමත් වැඩියි නේ. දන්නවද? මතකද? ගිය අවුරුද්දේ  කට්ටියක් ඇවිත් අපිට දරුණු විදියට චෝදනා කරා අපි කූඩු හැදුවෙ internet එකෙන් copy කරලා කියලා. ඒ මොන කුණු බොරුවක්ද? මේ කතාව දැනගත්ත ගමන්ම සමහරු ගෙවල්වල ගිහින් internet එක පීරුවා අපේ කූඩුව copyයක්ද බලන්න අර තරහකාරයොන්ගේ :(:(කෙප්පයට රැවටිලා.

මම කැමතියි චුට්ටක් 11 වසරෙදි හදපු කූඩුව ගැන විස්තර කරන්න.ඒ කූඩුවහදනකොට අපේ ගොඩක් කට්ටියට සිහිවුණා මෙ අපි 40ම එකට එකතුවෙලා ඉස්කෝලෙදී හදන අන්තිම කූඩුව නේද කියලා. කට්ටියටම දුකයි.ඒ නිසා ඒ සැරේ ළමයි ඔක්කොගෙම වගේ හොඳ කැපී පෙනෙන active participation  එකක් තිබුණා.

වෙසක් කූඩුව හැදුවෙ අපි තරඟෙන් දිනන්න තමයි.ඒත් අපි නොදැනුවත්වම වෙසක් කූඩුව කරලා තිබ්බේ අපේ කට්ටිය අතරෙ සමඟිය වර්ධනය කරපු එක. අපිව එකතුකරපු එක. මම ආයෙ ආයෙත් කියන්න කැමතියි අපි 40ම ජාති, ආගම් මොනවා වුණත් වෙසක් කූඩුවෙ වැඩේට වගේම අනිත් common වැඩවලටත් එකා වගේ set වෙනවා කියලා. :)

ඉතිං මේ 11 කූඩුව හදද්දී අපිට ගොඩාක් රසමුසු දේවල් සිද්ධවුණා.අපි එක දවසක් දුල්මිණී මිස්ගෙ හවස science class එකෙන් පස්සෙ නැවතුණා කූඩුව හදන්න. ඒ සිකුරාදා දවසක්. ඒ වෙලාවෙ කට්ටිය කූඩු හදනව කෙසේ වෙතත් හොඳට මරාගත්තා. හැබැයි කූඩුවත් හැදුණා. :D

 කොහොමහරි වැඩ අධික නිසා අපිට නියමිත දවසේ උදේ වෙනකොටකූඩුව නියම්ටත තැන set කරන්න බැරිවුණා. අපි වැඩ ඉවරකරලා තිබ්බේ නෑ.ඉතිං ඒදා අපි ඉස්කෝලෙට ගියපු වෙලාවෙ ඉඳන් කූඩුව හදලා ඉවර කරන්න පටන්ගත්තා.එදා අපි නම් ගාථා කිව්වෙවත් නෑ උදේට.මිස් වෙලාවට පාන්දරම පන්තියට ආවෙත් නෑ වගේ මතකයි.ඉතින් අහන්නත් දෙයක්ද එදා අපේ පන්තිය යුද්ධ පිටියක් වුණු හැටි. හැබැයි හැමෝම ගොඩාක් මහන්සිවුණා පොල් මල් අමුනන්න, ලී ගැටගහන්න, කූඩු අලවන්න, පාට කරන්න, එල්ලන්න. සමහරුන්ගෙ ඇඳුම් black paintවලින් නෑවිලා. :D :D සමහරු පිහිවලට අතුත් කපාගත්තා :'( , uniform ඉරාගත්තා.හ්ම්ම්ම්....ඔහොම තමයි.කට්ටියම කඩිගුල වගේ ඇවිස්සිලා ඉන්නකොට අනිත් පන්තිවල සමහරු ඇවිත් උපහාස, අපහාස අපිට එල්ල කරේ නැතුව නෙවෙයි. ඒත්, ඒවාට සැලි සැලී ඉන්නවත් අපිට තත්පරයක විවේකයක් තිබ්බේ නෑ.

ඔක්කොම හදලා කූඩු ටික fix කරලත් බැලුවා කියමුකෝ. ඊළඟටයි අපිට මතක්වුණේ තරඟෙට අපි කූඩුව තියන්න ඕනේ පහල කියලා. දැන් ගෙනියපන් මේ අටවගත්ත කූඩුරාජයා පල්ලෙහාට!! මොන විදියට හිතුවත් ගෙනියන්න විදියක් ආවෙම නෑ හිතට.අපි බැලුවෙ ලණු මඟින් stand එක සහිත කූඩු ටික principal’s office එක ළඟට උඩ ඉඳලා පාත් කරන්න. වැඩේ අමාරුයි. ඒ වගේම භයානකයි. ඉතින් අපි රථවාහන පොලීසියේ අය විදියට අපේ අයව appoint කරලා, ටිකකට පඩිපෙළ වහලා stand රාජයා පහලට වැඩැම්මුවා.ඒ පඩිපෙළ භාගෙට zigzag නිසා වැඩේට විනාඩි 10ක් විතර ගියා. ඊළඟට ආයේ කූඩු ටික stand එකට fix කරා. හ්හ්හ්.....දැන් නම් කට්ටියට මහන්සියි. ඇයි ඉතින් මාර වෙලාවක මෙහෙයුමක් නේ දුන්නේ. ;)

අපේ මහා කූඩු රාජයා මැඩම්ගෙ office  එක ළඟ විරාජමානව ඉන්න හැටිත්, Army ground එකට ගිහින් මහජන බැංකුවේතරඟයට සහභාගී වූ හැටිත් තමයි මේ slideshow එකේ තියෙන්නේ.අපිට පස්සෙ prize giving ඒකේදී තෑග්ගකුත් ලැබුණා මේ වැඩේට.


27 comments:

  1. parana dewal mathak wenawa.... (meika man mulinma kiyawapu post eka) ithuruwath hemin kiyawanda one

    ReplyDelete
  2. බ්ලොග් 1 නම් එලස් :) .... ඔයාලා හදලා තියෙන කූඩුවත් ලස්සනයි :)

    ReplyDelete
    Replies
    1. බොහොම ස්තුතියි :)

      Delete
    2. බොහොම වෙල්කම් :ඩී

      Delete
  3. Replies
    1. Ruwantha Pushpika has left a new comment on your post "වෙසක් කූඩුව":

      උඩ තියෙන්නෙ නම් අහල පුරුදු නම් ටිකක්, මටත් මතකයි අපිත් 10 වසරෙදි කැරකෙන කූඩුවක් හදන්න ගිහිල්ල කරපු දේවල්... :D
      ඒක නෙමේ වකා, දි එහෙම මේ පාර වෙසක් එකට කූඩු හැදුවෙ නැද්ද?


      *********************************************************
      @ Ruwantha Pushpika

      මේ පාර එකට කූඩු හදන්න විදියක් නෑ නේ. වෙසක් පෝයට අපි ඕ ලෙවල් කරලා ගෙදර නේ..අනික කට්ටිය එක එක අංශවලින් නේ ඉගෙනගන්නේ..

      Delete
  4. නංගි රතුපාට ටයි පටියක් දාන කොටුවේ ඉස්කෝලේ නේ ද? දැන් නේ ඒ බව දැන ගත්තේ! හෙක් හෙක්..
    අපේ පාසලෙත් සිංහල සහ මුස්ලිම් සිසුන්(එකෙක් දෙන්නෙක් වගේ හිටියේ) අතරේ වෙනසක් තිබුණේ නැහැ. හැමෝම එකතු වෙලයි කුඩු හැදුවේ. සමහර වෙලාවට බෞද්ධ ශිෂ්‍යයන්ටත් වඩා වැඩියෙන් මහන්සි වුණේ අපි!
    අද ආදී ශිෂ්‍ය සංගමයේ වැඩකට මම අපේ විද්‍යාලයට ගියා. පැරණි මතකයන් බොහොමයක් අලුත් කරගෙන හිටි වෙලාවකයි නංගිගේ පෝස්ට් එක කියෙව්වේ. ආයෙත් ඒ කාලයට යන්න පුළුවන් නම්..

    'සුළගේ ලෙලෙනා මල් සේ දඟ පා
    අප පාසල් ගිය කාලයේ
    යාළුවො අද නැත, වෙන අය එහි ඇත
    කාලය මැවූ වෙනසක අරුමේ..'

    ReplyDelete
    Replies
    1. ඔව් ඔව් අයියේ.. ඒ ඉස්කෝලෙ තමයි. :D :D මම හරි නම් අයියා අලපලාව කන්ද පෑත්තේ ඉස්කෝලේ වෙන්න ඕනේ.

      බොහොම ස්තූතියි comment එකට :)

      Delete
    2. නෑ නේ.. අලපලාවේ ඉස්කෝලේ මුස්ලිම් එකෙක් වත් නෑ නේ! මම ලබුදුවේ තියෙන කලවම් ඉස්කෝලෙ!

      Delete
    3. අලපලාවේ ඉන්නවානේ මුස්ලිම් අය. හෑම අවුරුද්දකම එක්කෙනෙක් ඉන්නවා :) මම හිතුවේ ලබුදූවේ ඉස්කෝලේ නෑ කියලා :P

      Delete
    4. එහෙ ඉන්නවා.. එහෙනම් මං හිටියේ! :-)
      උසස් පෙළ විද්‍යා අංශයේ ම මාත් එක්ක තව එකෙක් හිටියා!!

      Delete
  5. බ්ලොග් 1 නම් නියමයි..

    ReplyDelete
  6. හොඳ වැඩක් මට මතක විදියට අදමද කොහේ ආවේ මගේ මතකේ එතරම් හරි මදියි කතාවනම් ලස්සනට ලියල තියෙනවා නංගියා. ඔන්න දැන් නම් පාර මතක තියාගත්තා ආයෙමත් එන්න

    ReplyDelete
  7. මේ වකා වකා මගේ පෝස්ට් වලට කමෙන්ට් කරාට, කවුද කින්ද මන්ද කියලා දැනන් උන්නෙ නෑ නොවැ.. දැන් 1.05 යි (උදේ) හැමදාම බැරි වෙන නිසා අද ආවා. ඒත් කොස්සක්.. දොයි මතයි.. පස්සෙ කියවන්නත් එක්ක ෆලෝ කරගෙන යන්නම්...
    ආයෙ නම් එන්නැතුව ඉන්නෑ..

    ReplyDelete
    Replies
    1. අයියෝ ආගන්තුක අයියේ මම වකා වකා නෙවෙයි. වකා විතරයි. :P

      මේ බ්ලොග් එකේ මම කවුද? කින්ද මන්ද කියලා නෑ නේ...:o

      ෆලෝ කරන එක නම් ගොඩාක් වටිනවා. ඒකනේ මමත් ඕ ලෙවල් කරලා ඉවර වුණාට තාම ශෝට් නෝට්ස් බලන්නේ ;)

      Delete
    2. හරි වකා හරි මොකා හරි.. මං හිතං උන්නෙම පොඩි කොලුගැටයෙක් කියලා..

      අදත් කියවන්න උනේ නෑ.. පැය 2ක් තිස්සෙ පින්තූරයක් එඩිට් කරා.. දැන් වෙලාව 2.00 යි..

      හෙටවත් කියවන්නෝනෙ :/

      Delete
    3. ඇයි අනේ මට මෙහෙම වෙලා තියෙන්නේ? :/ බ්ලොග් ලියන හැමෝටම වගේ මාව පේන්නේ කොලුගැටයෙක් වගේ නේ... මේ ගණන් කරලා එකොළොස්වෙනි පාර :D

      කමක් නෑ...කවදාහරි කියවන්නකෝ :)

      Delete
  8. හ්ම් අපිත් කුඩු හදපු හැටි මතක් වෙනවා වගේ...

    ReplyDelete
    Replies
    1. ඒකනේ සහෝ...ඉස්කෝලෙ කාලෙ තමයි කෙනෙක්ගෙ ජීවිතේ තියෙන මිහිරිම කාලේ...අපූරු මතකයන් ගොඩාක් තියෙනවා නේ..

      ස්තූතියි මේ පැත්තට ගොඩවුණාට. ආයෙම එන්න. වෙසක් කූඩු හදපු හැටි සලාදයේ ලියන්න. අපි එන්නම් බලන්න :)

      Delete
    2. ඒක ඇත්ත නම ඇත්ත .දවස් දෙක තුනක් නිකන් ඉන්න පුළුවන් වෙන නිසා ඔයවගේ වැඩවලට අපි හරිම ආසයි ..දෙතුන් දෙනෙක් හදනකම් අපි එහෙ මෙහෙ ඇවිද ඇවිද හිටපු ඒක තමයි කලේ .. :D

      Delete
    3. අපෙත් ඔය වගේ අය නොහිටියම නෙවෙයි...ඒත් සමස්තයක් විදියට ඔක්කොම අය එකතුවෙලා වැඩ කරා

      Delete
  9. කුඩුව මරුනේ.. ඉස්කෝලේ ඔය වගේ වැඩ තියන දවස් වලට හරි විනෝදයි..:)

    ReplyDelete
  10. හ්ම්ම්ම් ....ඉස්කෝලේ තියෙන බාහිර වැඩ නම් නියමයි ...අමු පිස්සු කෙලින්නේ ......මටත් මතකයි අපි හදපු කූඩු ....:D (දැක්කම එපා වෙනවා .... එහාපන්තියෙන් උස්සපුවා ..:D) කොහොම වුනත් ෆන් වැඩේ ....

    ReplyDelete

හිතුණු හැමදේම ලිව්වට කාරි නෑ.....

නඩේ ඉන්න අනිත් ඈයෝ....සහෘද හදවත්

ලියන්නේ...