Blogger Widgets

Saturday, September 22, 2012

සහෝදරත්වයේ තීර්ථ යාත්‍රාව

(සදාකල්හිම මතකයෙන් ඉවතට පිය නොනඟනා අපූරු කතාවක්)


මේ කතාව ලියන මමත් මේ කතාවෙම සමාන අයිතිවාසිකම් දරන කෙනෙක්.මේ කතාව තමයි මම ලියන වඩාත්ම ආදරණීය වගේම හැඟීම්බරම කතාව.

මේ කතාව මම ලියන්නෙ මගෙ අනිත් සංවාද වියමන් වගේ සංයමය සහිත භාශා රටාවකින් නෙවෙයි.මම ලියන්නෙ අපේ භාශාවෙන්.ඒක තමයි අපේ මේ කතාවෙ අනන්‍යතාව රකින්නේ.ඒ නිසා කියවන ඔබට යම් අපහසුතාවයක් වෙනවා නම් මුලින්ම මම සමාව අයදිනවා. නමුත් මම හිතන්නෙ නෑ ගැටළුවක් වෙයි කියලාඅපි හැමෝම මේ ආදරයේ...මිත්‍රත්වයේ භාශාව දන්න නිසා. අනිත් එක කතාවෙ ගැම්ම සිරාවටම පපුවට දැනෙන්නෙ ඒකෙන් කතාව කිව්වොත් විතරයි.

ඔන්න දැන් මම කතාවට එන්නම්.මේ කතාව ආරම්භ වුනේ 2006 ජනවාරි මාසෙ දවසක.එදා තමයි අපි ඉස්කොලෙ වසරට මුළින්ම ගියේ.මට මතක හැටියට එදා සඳුදා දවසක්. අපි ගියේ English Medium Class එකට.

 එදා අපි හිතුවෙවත් නැති දවසක.. හිතන් නැතුවම හමුවෙලා...අතීතේ දුර ඈතකදී අපි අපේ වුණ හැටි නම් හරිම පුදුමාකාරයි. ඒක හරියට අර මල් නවකතා පොත්වල පෙම්වතුන් කල්ප ගානක් පෙරුම් පුරාගෙනපතාගෙන ඇවිත් ආදරය ජයගන්නවා වගේ.

කොහොම කොහොමහරි මම කලින් කියපු විදියට 2006 අවුරුද්දේ අපි හමුවෙනකොට.....අපි කවුරුවත් දැනගෙන හිටියෙ නෑ අපේ ජීවිතවලට ඉස්සරහට මොනව වෙයිද කියලා. ඒත් දැං කාලය ගෙවිලා ගිහින් ඉවරයි. අපේ ජීවිත දැං ගොඩාක්ම වෙනස් වෙලා. ඒත් තාම අතීතයේ  සුන්දර මතකයන් හදවතින් ඉවත් කරන්න බෑ. සත්තයි. හීනයක් වගේ ජීවිතේ ගෙවිලා යනවා.එත් අපි දැන් පරක්කු වැඩියි අඬා වැළපෙන්න.එත් හිත වාවන්නේම නෑ...අපි ආයෙත් එකට නෑ….. කියන අමු තිත්ත ඇත්ත අදහන්නෙ කොහොමදමම දන්නෙ නෑ ඇයි දැං අපි හැමෝටම ඒ අතීතය මතක් කරනකොට ඇස්වලින් කඳුලු ගලන එක නවත්වන්න බැරි කියලා.කටුක සත්‍යය ඇතුළෙ ජීවත්වෙනවට වඩා ..............අතීතයෙ තියෙන මතක සටහන් අතර තනිවෙන්න අපේ හිත් යොමුවෙන්නෙ..........ඒ වගේ කාලයක් ආයෙ කවදාවත්ම උදාවෙන්නෙ නැති නිසා වෙන්න ඇති.මේ ගැන කියවන ඔබ සමහරවිට මේ කතාව ගැන නොදන්නවා ඇති. මම හිතනවා ඒත් මේක  අපි හැමෝටම වැදගත් වෙයි කියලා.

අපේ class එකේ මුලින්ම ළමයි පනස් ගාණක් හිටියා. නමුත් කාලය ගෙවිලා යද්දී එක එකා හැලිලා ගියා. අන්තිමට ඉතුරු වුණේ 2011 දෙසැම්බර් වෙද්දී 40ක් විතරයි.

මම අපේ මුළු කතාවම ටික ටික හෙමිහිට කියන්නම්... ඒත් ඊට කලින් මට හිතෙනවා අපෙ කට්ටිය අඳුන්වලා දෙන්න. ඒක මේ කතාව continue කරන්න ලොකු පහසුවක් වෙයි. ඔන්න අහගන්නවලා අපේ පිස්සු කෙල්ලොන්ගෙ වත ගොත.හැබයි මේ කියන්නෙ සංක්ෂිප්තයක් විතරයි.කියවලා බලලා තොවිල් නටන්න වෙයිද දන්නෙ නැතිනම් චුට්ටක් පරිස්සම් වෙන්න. ඒත් හැබැයි අපිට යක්කු වුනත් free supply කරන්න පුළුවන්. Contacts තියෙනවා. ;) මම කට්ටිය ගැන අපේ  Grade 11 Class එකේ register order එකට අතිනුත් බොරු වර්ණනා එහෙම දාලා කියන්නම්. නැත්නම් මුං ටික මුණගැහුනොත් මටයි, මේක ලියන්න උදව් කරපු සෙනූටයි, පූර්ටයි ඉතින් ගෙදර ගිහින් බත් කන්න වෙන්නෙ දතුත් නැතුව





ඉතිරි කොටස ළඟදීම.......
මල් සහ මඩ බලාපොරොත්තු වන්න



18 comments:

  1. :S
    ඊලඟ ලිපියත් ඉක්මනට ලියන්න... අපි බලන් ඉන්නවා....

    ReplyDelete
    Replies
    1. ස්තුතියි...

      ලියනවා ලියනවා ඉක්මනට .

      දිගටම රැඳිලා ඉන්න අපිත් එක්ක .

      Delete
  2. හ්ම්.. යාළු මේක අළුත් බ්ලොග් එකක්ද?

    ReplyDelete
    Replies
    1. ඔව් යාළු..

      දිගටම අපිත් එක්ක රැඳිලා ඉන්න

      Delete
  3. එල එල!!
    Muzic පාරනම් maxxa!

    ReplyDelete
    Replies
    1. බොහොම ස්තූතියි :D

      Delete
  4. කෝ ඉතිරිය. කවද්ද දාන්නේ? ලස්සනට ලියල තියෙනවා ඕන්

    ReplyDelete
    Replies
    1. ඉක්මනටම දාන්නයි ඉන්නේ කෝරලේ මහත්තයෝ...
      ඉගෙනගන්න වැඩ නිසා තමයි පොඩ්ඩක් ප්‍රමාද වෙන්නෙ

      ගොඩාක් ස්තූතියි මේ පැත්තට ගොඩවුණාට.
      දිගටම අපිත් එක්ක රැඳිලා ඉන්න

      Delete
  5. සවුත්ලන්ඩ් එකේද ඔයාල??ටයි එකෙන් නම් එ වගේ!;)

    ReplyDelete
  6. ම්ම්.. උඩ පුංචි පාටියකුත් ලැස්ති කරලා වගෙයි. ලියන්නකෝ ඔහොම. රසවත් ලිපි ටිකක් එයි වගේ..!!

    ReplyDelete
    Replies
    1. පාටිය තිබුණෙ ගිය අවුරුද්දෙ අන්තිමේ නේ...

      ගොඩාක් ස්තූතියි මේ පැත්තට ගොඩවුණාට.
      දිගටම අපිත් එක්ක රැඳිලා ඉන්න

      Delete
  7. බ්ලොග් 1 නම් හරිම ලස්සනට හදල තියෙනවා .හරිම කලාත්මකෛ.සහ අපේ southlands 1 යාළුවොන්ගේ පාසලේ සහ පන්තියේ වෙච්ච දේවල් කියවනකොට මටත් අපේ පන්තිය මතක් වෙනවා , @ S H C .
    Anyway gud job ..........ඉතුරු ටිකත් ඉක්මනට පොස්ට් කරන්න :)

    ReplyDelete
    Replies
    1. ගොඩාක් ස්තුතියි Shezmin මේ පැත්තට ගොඩවුණාට!

      බ්ලොග් එක ලස්සන කරන්න ගොඩාක්ම මහන්සි වුණේ නම් අපේ සෙනූ.

      දිගටම අපිත් එක්ක රැඳිලා ඉන්න

      Delete
    2. අනිවාර්යෙන් ,මහන්සියේ ප්‍රතිපලත් තියෙනවා නෙහ්.n බොරු කියන්න ඕනේ නැ නෙහ් ඇත්තටම හරිම ලස්සනෛ .

      Delete
  8. Mee
    Monawada me ...? Kisima harayak na ...! Kiyewwatath paadui ...! Karanna
    Puluwan deyak karanna nangilaaaa :p

    ReplyDelete
    Replies
    1. ආදරණීය ඇනෝ අයියා හෝ අක්කා වෙත,

      මුලින්ම...අපේ බ්ලොග් එක බලන්න ආවාට ඔයාට ගොඩාක් ස්තූතියි!

      ඊළඟට, ඔයාට තියෙන වටිනා කාලය නාස්ති කරලා,(අර මේක කියවලත් පාඩු වුණා කිව්වෙ ) කමෙන්ට් එකක් දැම්මටත් ස්තූතියි!

      අපි මේක ලිව්වෙම මේ වගේ ප්‍රතිචාර බලාපොරොත්තුවෙන්.ඉතිං මේකත් අපිට ලොකු හයියක් දිගටම වැඩේ කරගෙන යන්න.

      ඒත් ඔයාට පුංචිම පුංචි වැරැද්දක් කියන්න තරහ වෙන්න ඒපා.

      1. ඔයා දන්නේ නැද්ද බ්ලොග්ස් කියන්නෙ කෙනෙක්ගෙ හෝ යම් පිරිසකගෙ interests සම්බන්ධව දිගහැරෙන දෙයක් කියලා?

      2. ඇයි මේ බයගුල්ලෙක් වගේ නමක් නැතුව ආවේ. නමත් එක්ක කමෙන්ට් එක දාලා අඩුපාඩු කියනවානම් තමයි නේ වටින්නෙ.

      3. අනික ඔයා අපිට 'කරන්න පුළුවන් දෙයක් කරන්න' කියලා කියන්නේ ඇයි? මෙතන තරඟයක්වත්, කාටවත් එරෙහිව යාමක්වත් නෑ නේ.අපි කොහොමත් මේ වැඩේ කරනවා තමයි අපිට පුළුවන් විදියට

      මොනවා වුණත්...ගොඩාක් ස්තූතියි ! :)

      Delete

හිතුණු හැමදේම ලිව්වට කාරි නෑ.....

නඩේ ඉන්න අනිත් ඈයෝ....සහෘද හදවත්

ලියන්නේ...